01st October 2025 11:54:18 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 25 දින පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථානයේදී ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් පවත්වන ලදී.
2024 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් A සාමාර්ථ 9ක් සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගත් සිසු සිසුවියන් ඇතුළුව, නිලධාරින්ගේ සහ සෙසු නිලයන්ගේ දරු දැරියන් 45 දෙනෙකු ඔවුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කළේය.
මෙම වැඩසටහනට ‘ඔබේ උපරිමයට ළඟා වන්නේ කෙසේද’ යන තේමාව යටතේ මානව නිපුණතා සංවර්ධන පුහුණු විශේෂඥයෙකු වන සනත් ගමගේ මහතා විසින් පැවැත්වූ දේශනයක් ද ඇතුළත් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර, ndc psc, සහභාගී විය. මෙම වැඩසටහන ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී, අනූපමා රත්නායක මහත්මියගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.