28th September 2025 00:06:30 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 සැප්තැම්බර් මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ජල පිරිපහදු යන්ත්‍ර සහ වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමගින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි වූහ.
මෙම වැඩසටහන ආරම්භ කරමින් සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ 517 දෙනෙකුගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් වියළි සලාක පාර්සල් බෙදා දීමෙනි. මීට අමතරව, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පදිංචි යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් 74,029.05 ක වටිනාකමකින් යුත් ජල පිරිපහදු ඒකක 19 ක් පරිත්‍යාග කරන ලදී.
මෙම වැඩසටහනේදී, සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් මූල්‍යම පරිත්‍යාගයන් සිදු කරමින් අභිමංසල 2 කඹුරුපිටිය සුව සහන මධ්‍යස්ථානය ආරම්භ කිරීමේදී එයට ප්‍රවේශ මාර්ගය ලබාගැනිම සදහා ඉඩම් කොටස පරිත්‍යාග කරන ලද සිවිල් සේවිකා පී.එල් පිකේ ප්‍රියංකා මහත්මියගේ ආර්ථික අපහසුතා මගහරවා ගැනීම සදහා රු: 50,000.00 මුල්‍යාධාරයක් ද, ඇයගේ පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම සදහා රු 100,000.00 ක් ද ඇය වෙත පිරිනමන ලදී.ඉන් අනතුරුව යුද්ධ හමුදා රාජකාරි නියුතු රණවිරුවන් සිව් දෙනෙකුගේ තුන් නිවුන් දරු උපත් සදහා කිරි පිටි මිලදී ගැනීම වෙනුවෙන් මාසිකව රු 12,000.00 බැගින් අවුරුද්දක් සදහා රු: 144,000.00 ක මුල්‍යාධාර 03 ක්ද මාසිකව රු: 8,000.00 බැගින් අවුරුද්දක් සදහා රු: 96,000.00 ක මුල්‍යාධාරයක්ද පිරිනමන ලදි.