26th September 2025 10:04:04 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 11 දින සාලියපුර සතුට ළමා නිවාසයේ සිටින ආබාධිත දරුවෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
එසේම, මෙම වැඩසටහනේ දී එම ළමා නිවාසයේ දරුවන් වෙත ත්‍යාග පාර්සල් ද බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.