Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th September 2025 15:54:20 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ඇගයීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරින්ගේ, සෙසු නිලයන්ගේ සහ සිවිල් සේවක කර්ය මණ්ඩලයේ දරු දැරියන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ඇගයීම සඳහා 2025 සැප්තැම්බර් මස 19 දින විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදී 2023 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරු දැරියන් පනස් දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ තෑගි වවුචර් පිරිනමන ලදී.

මෙම වැඩසටහන සඳහා හිමෙත් මෙන්ඩිස් මහතා සහ දිසත් මෙන්ඩිස් මහතාගෙන් සහයෝගය හිමි වූ අතර, මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මිය සහභාගී වූහ.