Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th September 2025 15:57:06 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අබිමන්සල 3 සුවතා නිකේතනයේ සංචාරයක

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 සැප්තැම්බර් මස 24 දින පාන්ගොල්ල, අබිමන්සල 3 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, ඔවුන් විසින් ප්‍රධාන රෝහල, DPM අංශය, ආයුර්වේද රෝහල, කෘත්‍රිම විකලාංග නිෂ්පාදන වැඩපොළ සහ නේවාසික රණවිරුවන්ගේ නිර්මාණාත්මක නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ස්ථාපිත අභිමන් සිල්ප පියස ඇතුළු ප්‍රධාන පහසුකම් කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. පසුව රණක්ෂිතයට පත් එම රණවිරුවන් අගය කරමින් ඔවුන්ට දෛනිකව අවශ්‍ය වන භාණ්ඩ අඩංගු ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන තේ පැන් සංග්‍රහයකින් අවසන් වූ අතර, එහිදී එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එම රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. මෙම අවස්ථාව සංගීතවත් කරමින් 'Brave Beat' නම් නේවාසික රණවිරුවන්ගේ සංගීත කණ්ඩායම විසින් කෙටි සංගීතමය වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගී වූහ.