Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th September 2025 16:01:07 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 20 දින 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේදී ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවය කරන රියදුරන් 13 දෙනෙකුට ඔවුන්ගේ සිවිල් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය සහ සිවිල් බර වාහන රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

එසේම මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රි ලංකා පිළිකා සංගමය විසින් පියයුරු පිලිකාවෙන් වැලකි සිටීම සහ කල් තියා හඳුනා ගැනිම පිලිබඳ දැනුවත් කිරිමේ දේශනයක් පැවැත්වූ අතර, එම දේශනය භට පිරිස් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අජන්තා ද සිල්වා මහත්මිය ඇතුළු එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.