25th September 2025 13:51:46 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 18 දින උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළ පරිශ්‍රයේදී මනෝවිද්‍යා දේශනයක් පවත්වන ලදී.
චාල්ස් තෝමස් සහෝදරතුමන් විසින් මෙම දේශනය පවත්වන ලද අතර, ඉන් අනතුරුව සංගීත වැඩසටහනක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශිවන්ති කළුතරආරච්චි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.