25th September 2025 13:55:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 20 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය සහභාගි වූවාය.
මෙම පරිත්‍යාග වැඩසටහනේදී එම බලකායේ පිළිකා රෝගයෙන් පෙලෙන කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත මූල්‍යමය ප්‍රධානයක් සහ සුසුම්නාව බිදීයාම හේතුවෙන් එක්තැන්ව සිටින එම බලකායේ සාමාජිකයෙකුගේ සහෝදරයෙකු වෙත ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය ආධාර ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.