24th September 2025 11:00:26 Hours
රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සමඟ එක්ව පවත්වනු ලබන වෛද්‍ය කඳවුරේ 7 වන අදියර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පදිංචි යුද්ධ හමුදාවේ රණක්‍ෂිතයට පත් ප්‍රවීණයන් 2,000 කට ආසන්න සංඛ්‍යාවකගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින්, 2025 සැප්තැම්බර් මස 19 දින අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
මෙම වැඩසටහනේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා කිහිලිකරු 66 ක් බෙදා දෙන ලද අතර, ඉන් අනතුරුව සහභාගිවූවන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දිවා භෝජන සංග්‍රහයක් ද ලබාදෙන ලදී.