Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd September 2025 20:30:06 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 21 දින මොරවැව, යාය 06 විද්‍යාලයේදී පාසල් පොත් සහ අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මිය සහභාගී වූවාය.

එහිදී, පාසල් ළමුන් 17 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් සහ පාසල් උපකරණ පිරිනැමිණි. එම වැඩසටහනේදී ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනු ලැබූ අතර, වැඩසටහනේ කටයුතු අවසන් කරමින් එම පාසල් ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.