Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th September 2025 16:28:01 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 15 දින මින්නේරිය මූලික ආයුර්වේද රෝහල වෙත රු. 25,000.00 ක් වටිනා ගෑස් උදුන් දෙකක් පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සමඟින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ධ්‍යා ප්‍රේමරත්න මහත්මිය සහභාගි විය.

එසේම, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් පොළොන්නරුව දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලය වෙත සන්ක්වික් බීම පැකට් 500 ක් 2025 සැප්තැම්බර් මස 17 දින මින්නේරිය, අභයාරාම විහාරස්ථානයේ පැවති සංස්කෘතික ප්‍රසංගය සඳහා පරිත්‍යාග කරන ලදී.