Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th September 2025 16:25:40 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ලබාදෙයි*

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් පොළොන්නරුව, හිඟුරක්ගොඩ, පාළුවද්දන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නිවසක් ඉදිකර ලබාදෙන ලදී. 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් නිවස ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

නව නිවස 2025 සැප්තැම්බර් මස 11 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සමඟින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ධ්‍යා ප්‍රේමරත්න මහත්මිය විසින් ප්‍රථිලාභීන් වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාවට එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ නිවාස ලාභී පවුලේ සාමාජිකයන් සහභාගි වූහ.