Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th September 2025 14:20:45 Hours

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 11 දින රාගම, ලංකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමා අභියාචනා කමිටුව වෙත පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිරානි විජේකෝන් මහත්මිය සහභාගි විය.

මෙම වැඩසටහන මගින් ළමුන් 22 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ වියළි ආහාර සලාක පාර්සල් පිරිනමනු ලැබූ අතර, උත්සවය අවසානයේදී දිවා භෝජන සංග්‍රහයක් පිරිනමා විනෝදාත්මක වැඩසටහනක් ද පැවැත්විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.