13th September 2025 10:47:09 Hours
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 10 දින දියතලාව, මූලික රෝහල වෙත අවශ්‍ය වෛද්‍ය උපාංග සහ උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
එහිදී, ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනුග්‍රාහකත්වය මත රෙදි සෝදන යන්ත්‍රයක්, මෙට්ට 30 ක්, රෝද පුටු සහ අනෙකුත් විදුලි උපකරණ ප්‍රමාණයක් රෝහල වෙත භාර දෙන ලදී.
මෙම වැඩසටහන විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පවත්වනු ලැබූ අතර, එම අවස්ථාවට ආරක්ෂක සේනා අඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.