Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th September 2025 14:25:39 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවෙන් ‘සතුටින් පිරි ජීවිතයකට මඟ’ යන මැයෙන් දේශනයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 සැප්තැම්බර් මස 07 දින අනුරාධපුර, කලත්තෑව, 3 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරු පරිශ්‍රයේදී ‘සතුටින් පිරි ජීවිතයකට මඟ’ යන තේමාව යටතේ දේශනයක් සංවිධානය කරන ලදී. ඒ සඳහා භටපිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 100 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

මෙම දේශනය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි, මනෝවිද්‍යා උපදේශිකා සහ සෞඛ්‍ය මාධ්‍යවේදිනී නිලුක්ෂි තිලකසිරි මහත්මිය විසින් මෙහෙයවන ලදී. එහිදී මානසික යහපැවැත්ම, පවුල් සෞඛ්‍ය සහ සමබර ජීවන රටාවක් ගොඩනඟා ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පවත්වනු ලැබීය.