10th September 2025 12:16:41 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 සැප්තැම්බර් මස 04 දින රාගම, රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුරදී, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රණවිරු සෙවණ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය. පසුව, ඔවුන් විසින් එම රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් පිරිනැමූ අතර රණක්‍ෂිතයට පත් රණවිරුවන්, ඔවුන්ගේ සහයකයින් සහ එම සුවතා නිකේතන කාර්ය මණ්ඩලය වෙත භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත සිදුකෙරිණි.