10th September 2025 12:39:20 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 අගෝස්තු මස 30 දින දෙමුන්නේව ප්‍රාථමික පාසලේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා සුබසාධන වැඩසටහනක් සංවිධානය කරන ලදී.
එහිදී, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, 3 සහ 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායන් මගින් ලබාදුන් අඹ සහ පොල් පැළ සිටුවීම හා බෙදාදීම සිදුකළ අතර, අනතුරුව ළමා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර, සිසුන් හා ගුරුවරුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.
වැඩසටහනේදී සෑම සිසුවෙකු වෙතම පොත්, ලිපි ද්‍රව්‍ය හා ඇඳුම් අඩංගු පාර්සල් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත වියලි ආහාර සලාක පාර්සල් ප්‍රධානය කරනු ලැබීය. උත්සවයේ කටයුතු අවසන් කරමින් එම සිසුන් සඳහා රසකැවිලි පාර්සල්ද බෙදා දෙනු ලැබීය.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම උත්සවය පවත්වන ලදී. මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.