09th September 2025 12:08:06 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් 2025 අගෝස්තු මස 31 දින ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි මෙරූන් ලෙගසි දේශන ශාලාවේදී ඉවුම් පිහුම් පිළිබඳව පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.
නිලධාරින්, සෙසුනිලයන්, සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව කෙටි ආහාර පිළියෙළ කිරීමේදී සූපවේදී දැනුම සහ ප්‍රායෝගික කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්විණි. මෙම වැඩමුළුව කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මිය විසින් මෙහෙයවන ලදී.
මෙම වැඩසටහන මගින් සහභාගිවූවන්ගේ නිර්මාණශීලිත්වය සහ කුලසතාවයන් වැඩි දියුණු කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා කුඩා පරිමාණයේ ස්වයං රැකියා ආරම්භ කිරීමට දිරිමත් කරන ලදී.