07th September 2025 17:51:55 Hours
විශේෂ බළකා සේවා වනිතා ශාඛාව විසින් 2025 අගෝස්තු මස 31 දින ත්‍රිකුණාමලයේදී ගැබිනි මව්වරුන් 25 දෙනෙකුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් කිරීම සිදුකරන ලදි. මෙම වැඩසටහන එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වන හංසිකා මහලෙකම් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 4 විශේෂ බළකා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේදී ප්‍රතිලාභීන් සඳහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, මෙම වැඩසටහන සඳහා එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.