Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th September 2025 17:54:52 Hours

සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාව දානමය පිංකමක් පවත්වයි

සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉල්මා මජීඩ් මහත්මියගේ මඟපෙන්වීම යටතේ, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2025 අගෝස්තු මස 30 දින අම්බලන්ගොඩ, වරුසවිතාන වැඩිහිටි නිවාසයේදී සේවා වනිතා ශාඛාවේ මාසික දානමය පිංකම පවත්වන ලදී. මෙම වැඩසටහන සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන තනුජා සුබසිංහ මහත්මිය විසින් අනුග්‍රහය දක්වන ලදී.

මෙම අවස්ථාවට සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.