Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th September 2025 17:37:56 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ රණවිරුවෙකුගේ දරුවෙකු වෙත ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා 2025 අගෝස්තු මස 31 දින 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා මූලස්ථානයේදී වවුචර්පතක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම වවුචර්පත පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච්.ජී ස්වර්ණලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.