Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th September 2025 11:47:19 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාව වෙතින් 2025 සැප්තැම්බර් මස 02 දින ගල්ගමුව ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත සාමාන්‍ය සෙබළ එච්.එස් රත්නායක වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල් තැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කුමාරි පල්ලෙකුඹුර මහත්මිය සහභාගි විය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ලබාදෙනු ලබයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.