Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th September 2025 10:19:30 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මගපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් 2025 අගෝස්තු මස 30 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා නියෝජ්‍ය ආඥාපති - වන්නි සහ සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.කේ.ආර් ජයකොඩි RWP USP ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. එහිදී, 2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන් 5 දෙනෙකු, අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබාගත් සිසුන් 7 දෙනෙකු සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් සිසුන් 5 දෙනෙකු වෙත රුපියල් 300,000.00ක ශිෂ්‍යත්වයන් ප්‍රදානයක් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.