02nd September 2025 15:54:28 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 අගෝස්තු මස 29 දින පනාගොඩ, එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ‘Living within Means and Work-Life Balance’ යන මාතෘකාව යටතේ දේශනයක් සංවිධානය කරන ලදී.
එම දේශණය ආරාධිත කථිකයෙකු වූ අමින්ත සුගත් ද සිල්වා මහතා සිදුකරනු ලැබූ අතර, එහිදී මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාවයක් පවත්වා ගැනීම පිළිබඳව ආදි කරුණු පිළිබඳව අවධාරනය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනුපමා රත්නායක මහත්මිය සහ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.