02nd September 2025 15:56:25 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වන අනුපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ 4 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් 2025 අගෝස්තු මස 18 දින මූල්‍යමය පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
සේවයේ නියුතු තෝරාගත් භටපිරිස් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල්වල වෛද්‍ය අවශ්‍යතා සඳහා ආධාර සැපයීම මෙම වැඩසටහනේ අරමුණ විය. වැඩසටහන අතරතුරදී ඔවුන්ගේ කැපී පෙනෙන දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දෙමින් ගායන තරඟයක් ද සංවිධානය කර තිබුණි.