01st September 2025 16:48:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 අගෝස්තු මස 30 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවාය.
මෙම වැඩසටහනේදී, බරපතල සෞඛ්‍ය ගැටලු වලින් පීඩා විඳින යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් සිව් දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත කිරිපිටි, පෝෂණ අතිරේක, පුද්ගලික සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විශේෂයෙන් සකස් කරන ලද සපත්තු යුගලයකින් සමන්විත ඇසුරුම් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.