Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th August 2025 14:35:23 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කුමාරි පල්ලකුඹුර මහත්මිය සහ එම බලමුළුවේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2025 අගෝස්තු මස 26 දින මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා උත්තරීතර කැපකිරීමක් කළ නිර්භීත රණවිරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා කටයුතු කළහ.

එහිදී, එම නිර්භීත රණවිරුවන් රට වෙනුවෙන් සිදුකරන ලද සේවය අගයමින් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙත කෘතවේදීත්වය පළකරනු ලැබීය.

එහිදී, එම පවුල්වල සාමාජිකයන් වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.