29th August 2025 14:37:28 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි ශ්‍යාමා හෙට්ටිගේ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් ධානපති පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය දායකත්වය මත 2025 අගෝස්තු මස 22 දින එම රෙජිමේන්තු මූලස්ථාන දේශන ශාලාවේදී ආබාධයන්ට ලක්ව සිටින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුබලකායට අයත් සාමාජිකයන් සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහනේදී සේවයේ නියුතු ආබාධයන්ට ලක්ව සිටින රණවිරුවන් සහ දැනට වෛද්‍ය ප්‍රථිකාර ලබන එම බලකායේ රාජකාරි කරනු ලබන රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු වෙත රෝද පුටු 17 ක්, වැසිකිලි පහසුකම් සහිත රෝද පුටු 02 ක් , කිහිලිකරු 6 ක් සහ වෝකර් 01 ක් බෙදාදෙන ලදී.
මෙම අවස්ථාවට එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.