Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th August 2025 14:34:13 Hours

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 අගෝස්තු මස 15 දින වේයන්ගොඩ, යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිර්මලීන් විජේකෝන් මහත්මිය සහභාගි විය.

උත්සවය අතරතුර, සිවිල් සේවක මහතුන් පහළොස් දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් ප්‍රදානය කරන ලද අතර, මියගිය කෝප්‍රල් එම්.යූ.ඩබ්ලිව්.කේ ප්‍රනාන්දු (විශ්‍රාමික) ගේ දියණියට ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද සිදුකරන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.