26th August 2025 11:47:21 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මූලිකත්වයෙන් එම බලකා සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද ‘සේවා වනිතා සිසු අභිමන්- 2025’ (දෙවැනි අදියර) ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2025 අගෝස්තු මස 17 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පැරඩයිස් දේශණ ශාලාවේදී පැවැත්විණි.
2024 වසර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්ව ‘A‘ සාමාර්ථ නවයක් ලබාගත් ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවට අයත් රණවිරුවන්ගේ ළමුන් 13දෙනෙකුගේ දක්‍ෂතාවයන් ඇඟයීමට සහ ත්‍යාග පිරිනැමීම සඳහා මෙම උත්සවය පවත්වනු ලැබීය. එහිදී, එම ළමුන් වෙත රුපියල් 25,000.00 ක් වටිනා මුදල් වවුචරයන් සහ පොත් කට්ටල ප්‍රධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.