Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd August 2025 09:04:22 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් විරු කැකුළු පෙර පාසලේ ළමුන් සඳහා සහතිකපත් ප්‍රදානය කරයි

IWMS ආයතනය සමඟ එක්ව පවත්වන ලද Elocution විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ විරු කැකුළු පෙර පාසලේ ළමුන් 32 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2025 අගෝස්තු 20 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි සහ විරු කැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා ලිලන්ති දොලගේ මහත්මිය සහභාගි වූවාය.

පොල් තෙල් පහන දල්වා උත්සවයේ කටයුතු ආරම්භ කල අතර අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා පෙර පාසල් ගීතය ගායනා කරන ලදී. ඉන් අනතුරුව, පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර, යුද්ධ හමුදා නර්තන කණ්ඩායමේ රංගනයන්ගෙන් වැඩසටහන අලංකාරවත් විය. පසුව, සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

උත්සවයේ කටයුතු අවසන් කරමින්, පෙර පාසල් දරුවෙකු විසින් ස්තූති කතාව පැවැත්වූ අතර අනතුරුව, පැමිණ සිටි සියළු දෙනා එක්ව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිට තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි වූහ.