23rd August 2025 09:00:00 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකක මගින් විශ්‍රාම යාමට නියමිත විරු කැකුළු පෙර පාසල් ගුරුවරියන් දෙදෙනෙකු වෙත උපහාර පිරිනැමීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 21 දින එම ඒකක කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි වූවාය.
වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් එම විශ්‍රාම දිවියට එළඹෙන පෙර පාසල් ගුරුවරියන්ගේ දැනුම සහ රැකවරණය තුළින් කුඩා දරුවන් අනාගතය සඳහා හැඩගැස්වීමට සිදුකරන ලද දායකත්වය වෙනුවෙන් සහ වසර ගණනාවක කැපවූ සේවය අගයමින් සහතිකපත්‍ර ප්‍රදානය කරමින් සිය කෘතවේදීත්වය පළ කළාය.