Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st August 2025 08:22:31 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ 28 වන සභාපතිනිය ලෙස ඉල්මා මජීඩ් මහත්මිය 2025 අගෝස්තු මස 13 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී සිය ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය.

එදිනම, මාසික සභා රැස්වීම ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගි වූහ.