21st August 2025 08:31:10 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2025 අගෝස්තු මස 16 දින අත්තිඩිය, මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.
සංචාරය අතරතුරදී, සාමාජිකාවන් විසින් නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සමඟින් සුහදව අදහස් හුවමාරුකර ගනිමින්, ත්‍යාග පාර්සල් සහ එම සුවතා නිකේතනයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. පසුව එම රණවිරුවන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, ඔවුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් ද පැවැත්වීය.
මෙම අවස්ථාවට එම ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.