Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th August 2025 12:38:03 Hours

7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ධ්‍යා ප්‍රේමරත්න මහත්මියගේ මූලිකත්වයෙන් මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් මින්නේරිය, මහරත්මලේ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදි කිරීම් කටයුතු අතර මඟ නතරව පැවති සංඝාවාසයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ගම්වැසියන්ගේ සහයෝගය මත මෙම සංඝාවාසය ඉදිකිරීම සඳහා ෂර්නිසාමා විජේසිංහ මහත්මිය විසින් ඇගේ සැමියා වන අභාවප්‍රාප්ත ෂෙල්ටන් ජයසූරිය මහතා සිහි කිරීම සඳහා මූල්‍යමය දායකත්වය ලබාදී තිබුණි.

මෙම නව ඉදිකිරීම් කටයුතු 2025 අගෝස්තු මස 07 දින ධර්ම දේශනාවකින් ආරම්භ වූ අතර, පසුව බැතිමතුන් 350 කට ආසන්න පිරිසකට තේපැන් සහ රාත්‍රී ආහාර පාර්සල් බෙදා දෙන ලදී. පසුදින, මහා සංඝරත්නය උදෙසා දානය පිළිගන්වා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විහාරස්ථානයේ සංවර්ධනය සඳහා මූල්‍යමය ආධාර ලබා දෙන ලදී. 7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා මූලිකව කටයුතු කළ අතර, එමගින් යුද්ධ හමුදා භටපිරිස්හි සමාජ සත්කාරක සේවය සහ ආගමික සහජීවනය සඳහා කැපවීම පිළිබිඹු කරයි..

මෙම අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී කුලතිලක ndc, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.ජී.අයි.ඒ. ආරියරත්න RSP IG, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ශ්‍රී ලංකා කාලතුවක්කු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ප්‍රදේශවාසීන් සහ පරිත්‍යාගශීලී මහත්මිගේ ඥාතීන් පිරිසක් ද සහභාගි වූහ..