07th August 2025 15:01:02 Hours
ශ්‍රී ලංකා සංඥා බලකායේ බලලත් නිලධාරි සහ දරුවන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් කටුගස්තොට ප්‍රදේශයේ දී නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ වැඩසටහනක් 2025 ජූලි මස 31 දින පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ USP nps psc සමඟින් ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මිය සහභාගි වූහ.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා සේවාවනිතා ශාඛාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.