07th August 2025 09:39:24 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 ජූලි මස 30 දින කුරුණෑගල, අභිමංසල III සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.
මෙම සංචාරය අතරතුරදී, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අභිමංසල III සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 32 දෙනෙකුගේ ප්‍රයෝජනය වෙනුවෙන් රු. 200,000.00 ක වටිනාකමකින් යුත් බතික් ඇඳුම් කට්ටල පරිත්‍යාග කරන ලදී. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් සුහඳ තේ පැන් සංග්‍රහයක් සහ සංගීතමය වැඩසටහනක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.