07th August 2025 09:38:01 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2025 අගෝස්තු මස 03 දින කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ පිළිකා වාට්ටුව සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ සුවපහසුව සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමේ අරමුණින්, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් රුපියල් 200,000.00 ක වටිනාකමකින් යුතු රෝගීන් රැගෙන යන ට්‍රොලියක් සහ ඇඳුම් පැළඳුම් රැගෙන යන ට්‍රොලියක් පරිත්‍යාග කරන ලදී.
පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ, ගැමුණු හේවා බලකා සංගීත කණ්ඩායම වෙතින් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය. එහිදී, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ප්‍රමුඛ සාමාජිකාවන් විසින් රෝගීන් වෙත ත්‍යාග පාර්සල් පිරිනමන ලදී.
මෙම අවස්ථාව සඳහා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.