Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th August 2025 09:37:59 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ඒකකය වෙතින් පරිත්‍යාග වැඩසටහනක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 ජූලි මස 27 දින ගනේමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල, 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහ 3 වන කමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රයන්හි සේවයේ නියුතු කමාන්ඩෝ සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

1 වන සහ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තු සමඟින් කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම මත ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන පැවැත්විණි. වැඩසටහන අතරතුරදී, සියලුම ගර්භනී මාතාවන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් පිරිනැමිණි.