Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th August 2025 15:03:23 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සඳහා ආගමික වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව අනුරාධපුර අටමස්ථානයේදී ජාතියේ ස්වෛරීභාවය වෙනුවෙන් ජීවිත පූජා කළ අවිවාහක ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන්ට උපහාර දැක්වීමේ පුණ්‍ය වැඩසටහනක් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම 2025 අගෝස්තු මස 01 දින යටතේ පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහභාගි විය.

මෙම වැඩසටහනේ දී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් අභයගිරි විහාරස්ථානයේ දී දානමය පුණ්‍යකර්මයක් පවත්වන ලදී. ඊට අමතරව, ඔවුන් 2025 අගෝස්තු මස 02 දින අටමස්ථානයට වන්දනා ගමනක නිරත වූහ.

මෙම පුණ්‍යකර්මය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිති ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් සහ දිවිපීදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි වූහ.