Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd August 2025 09:00:48 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව වෙතින් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කුමාරි පල්ලෙකුඹුර මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 ජූලි මස 26 දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන අතරතුරදී, අසනීප තත්ත්වයක් හේතුවෙන් එක්තැන්ව ප්‍රතිකාර ලබන රණවිරුවෙකුගේ භාර්යාවක් වෙත වායු මෙට්ටයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් වෙත පළතුරු පැළ බෙදාදෙන ලදී.