Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd August 2025 08:56:00 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත 2024 අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් ‘A’ සාමාර්ථ තුනක් ලබාගනිමින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් 68 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් 2025 ජූලි මස 31 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

මෙම උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඇතුළු ආරාධිත අමුත්තන් විසින් සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. මෙම ශිෂ්‍යත්වලාභීන් 68 දෙනා වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් රු. 6,800,000.00 ක මුදලක් වෙන්කරනු ලැබූ අතර, එහිදී එක් සිසුවෙකු වෙත රු. 100,000.00 බැගින් වූ ශිෂ්‍යත්වයන් පිරිනැමිණි.

ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමෙන් අනතුරුව, ශිෂ්‍යත්වලාභීන් පිරිසක් විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය පැසසුමට ලක්කරමින් ස්තූති කථාවක් පවත්වන ලදී.

මෙම උත්සවය අතරතුරදී, 15 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයෙකුගේ නිවසක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා රු. 1,500,000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකෙරිණි. නිවාස ඉදිකිරීම් කටයුතු සිදුකරගැනීම සඳහා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් තිදෙනෙකු වෙත රු. 450,000.00 බැගින් සහ සිවිල් සේවක මහත්වරුන් දෙදෙනෙකු වෙත රු. 300,000.00 බැගින් වූ මූල්‍ය ප්‍රදානයන් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදා සාමාජිකයන් දෙදෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්ගේ වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා මූල්‍ය ආධාර පිරිනැමිණි. බරපතල රෝගයකින් පෙළෙන සොල්දාදුවෙකුගේ බිරිඳකගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් සහ බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙන යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ පුතෙකුගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රු. 100,000.00 බැගින් වූ මූල්‍ය ප්‍රදානයක් පිරිනැමිණි.

එමෙන්ම, 11 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සාමාජිකයෙකුගේ තුන් නිවුන් දරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් කිරි පැකට් මිලදී ගැනීම සඳහා රු. 144,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකෙරිණි.

මීට ප්‍රථම සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම්වලදී නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රදානයන්වල ප්‍රථම අදියරේ පරිත්‍යාගයන් සිදුකෙරිණි. මෙම නිවාස ව්‍යාපෘතිවල දෙවන අදියරේ කොටසක් ලෙස, යුද්ධ හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වෙත රු. 150,000.00 බැගින් සහ සිවිල් සේවක මහත්වරුන් දෙදෙනෙකුගේ නිවාසවල වැඩකටයුතු නිමකරගැනීම සඳහා රු. 150,000.00 බැගින් ප්‍රදානය කරන ලදී. මේ අතර, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ විශ්‍රාමික සාමාජිකයෙකු වෙත නිවාස ව්‍යාපෘතියේ දෙවන වාරිකය ලෙස රු. 200,000.00 ක් පිරිනැමිණි. තවද, ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිවිල් සේවක මහතෙකුගේ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ කොටසක් ලෙස රු. 100,000.00 ක් ද පරිත්‍යාග කෙරිණි.

ශිෂ්‍යත්ව සහ මූල්‍යාධාර පරිත්‍යාගයෙන් අනතුරුව, ප්‍රතිලාභීන් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සඳහා සහභාගි වූ සියලු සාමාජිකයන් සුහඳ තේ පැන් සංග්‍රහයකට ද සහභාගි වූහ.