Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd August 2025 09:04:32 Hours

යුද්ධ හමුදා වෛද්‍ය කඳවුරේ හයවන අදියර දියතලාවේදී පවත්වයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 2025 ජූලි මස 30 දින දියතලාව, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල් පරිශ්‍රයේදී රණක්‍ෂිතයට පත් සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පවත්වනු ලබන වෛද්‍ය කඳවුරේ හයවන අදියර පැවැත්වීය. ඌව පළාතේ වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාවට රණක්‍ෂිතයට පත්, විශ්‍රාමික හෝ වෛද්‍ය අවශ්‍යතා සහිත රණවිරුවන් සහ දැනට වෛද්‍ය අභියෝගයන්ට මුහුණදෙන රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු ප්‍රතිලාභීන් 2,000 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් අක්‍ෂි සායනයක් ද පැවැත්වීය. එහිදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ඇස් කණ්ණාඩි 350 ක් සහ රෝද පුටු 20 ක් පරිත්‍යාග කරනු ලැබීය. තවද, සහභාගි වූ සියලුම දෙනා වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.