Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th July 2025 15:55:51 Hours

සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පරිත්‍යාගයක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි (වෛද්‍ය) රසිකා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ අධීක්‍ෂණය මත 2025 ජූලි මස 26 දින රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පරිත්‍යාගයක් සිදුකරන ලදී.

රෝහලේ අවශ්‍යතාවයක් සපුරාලමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරණ කර්නල් එම්.එම්.ආර් චන්ද්‍රසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව නියෝජනය කරමින් රුපියල් මිලියන 9 ක වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකක ඇඳන් තුනක් එම රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරින් සහ රෝහල් කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.