30th July 2025 09:10:10 Hours
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ අධීක්‍ෂණය මත එම සේවා වනිතා ඒකකය වෙතින් වර්ෂ 1997 දෙසැම්බර් මස 4 දින මන්නන්කුලම් ප්‍රදේශයේ පැවති ජයසිකුරු මෙහෙයුමේදී දිවිපිදූ 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් එම්.පී ද සිල්වා ගේ මවගේ ප්‍රයෝජනය වෙනුවෙන් රෝද පුටුවක් සහ වියළි ආහාර සලාක පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එස්.එම්.එස් වික්‍රමරත්න RSP ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.