25th July 2025 12:00:26 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘතිවල නියැලී සිටින සෙසුනිලයන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කරමින් වාර්ෂිකව නිර්මාණය කරනු ලබන ‘Gallant’ ටී-ෂර්ට් බෙදාදීම සිදුකරනු ලබයි.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රි ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මිය 2025 ජූලි මස 22 දින ව්‍යාපෘතින්හී සිදුකරනු ලැබූ ක්ෂේත්‍ර සංචාරය අතරතුරදී මෙම ටී-ෂර්ට් බෙදාදීම සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසසක් සහභාගි වූහ.