Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th July 2025 11:58:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනුෂානි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම මත 2025 ජූලි මස 18 දින පලාලි, යුද්ධ හමුදා මූලික රෝහලේ සහ 2025 ජූලි මස 20 දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථාන පරිශ්‍රයේදී සිවිල් සේවක මහත්වරුන් 39 දෙනෙකු වෙත රු. 195,000.00 ක වටිනාකමකින් යුත් ත්‍යාග වවුචර්පත් පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.