Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th July 2025 12:02:08 Hours

නිවාස අවශ්‍යතා සහිත සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව නිවසක්

ගැමුණු හේවා බලකාය යටතේ සේවයේ නියුතු මහඔය, කැකිරිහේන ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජූලි මස 19 දින නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP සමඟින් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අරමුදල් යටතේ ඉදිකරනු ලැබූ මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවේදී, නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නව නිවස සඳහා අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ ද පරිත්‍යාග කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් සහභාගි වූහ.