Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd July 2025 18:48:29 Hours

අවශ්‍යතා සහිත දරුවෙකුගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පහසුකම් සලසයි

2 (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අසනීප තත්ත්වයකින් පෙළෙන දරුවෙකුගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් 2025 ජූලි මස 18 දින ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් අවශ්‍ය පහසුකම් සලසාදෙන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟපෙන්වීම මත එම දරුවා වෙනුවෙන් රාජගිරිය, ළමා අක්‍ෂි සායනයේ විශේෂඥ උපදේශනයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබූ අතර එම කටයුතු සඳහා අවශ්‍ය සියලුම වියදම් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ලබාදෙනු ලබයි.