22nd July 2025 15:27:35 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්‍ෂණය යටතේ එම සේවා වනිතා ශාඛා නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉදිකරන ලද නව නිවස 2025 ජූලි මස 16 දින 6 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත පවරා දෙන ලදී.
මෙම නිවස ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූල්‍ය අනුග්‍රහය දයකත්වයත් 19 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් හි ශ්‍රම දායකත්වයත් ලබාදෙන ලදී.
එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් ප්‍රතිලාභියා වෙත නව නිවසේ යතුර භාර දෙනු ලැබූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක්ක සහභාගි වූහ.